Monday, March 23, 2015

Power Button එක නැතුව phone එක on කරන්න






ඔයලා දන්නවද  power button එක නැතුව කොහොමද screen එක on කරන්නේ කියලා?

මොකද කට්ටිය බයවෙලා, screen එක on කරන්න power button එක ඔබන ඔබන සැරේට power button එක කැඩෙයි කියලා. 
tongue emoticon ඒත් බයවෙන්න එපා. එහෙම power button එක ලේසියෙන් කැඩෙන්නේ නෑ. :D

ඒ කිව්වටත් හිතට හරි මදි වගේ නේ. tongue emoticon එහෙමනං මෙන්න ඒකට නියම විසදුම. Klick button එක.
මේක ඇවිල්ලා අපේ ෆෝන් එක headset පොර්ට් එකට ගහන්න පුලුවන් switch එකක්. මේක plug කරලා, මේකට අදාල app එක ෆෝන් එකට දැම්මම, ෆෝන් එක ගණන් ගන්නේ මේක button එකක් හැටියට. කොහොමද වැඩේ. නියමයි නේද?
හරි එහෙනන්. කරන විදිය මුල ඉදන්ම කියංනංකෝ.

1. මුලින්ම මේ gadget එක ebay එකෙන් ගෙන්න ගන්න. වැඩි ගානක් වෙන්නේ නෑ. රුපියල් 120ක් වගේ වෙන්නේ. හැබැයි මේක එන්නනම් සති 2ක් වගේ යනවා. එතකන් ඉවසන් ඉන්න වෙනවා. smile emoticon මෙන්න මේ link එකෙන් ගිහිල්ලා order කරන්න.

2. ඊට පස්සේ මේක ආවම playstore එකෙන් මේක run වෙන්න ඕනේ වෙන app එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි මේකට apps ගොඩක් තියෙනවා. මං link ඔක්කොම දාන්නේ නෑ. playstore එකේ Klick කියලා සර්ච් කලාම එන apps ගොඩක් මේකට ගැලපෙනවා. එහෙම එන හොදම apps 3 link මං පහලින් දාන්නම්. මේ apps දැම්මේ නැත්තන්, ෆෝන් එක මේක detect කරන්නේ headset එකක් විදියට හොදේ.


3. ඊට පස්සේ, අර gadget එක 3.5mm පොර්ට් එකට (headset පොර්ට් එකට) plug කරලා, app එක run කරලා අපිට කරන්න ඕනේ වැඩේ ඒ app එකෙන් assign කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් වැඩ කරන්නයි තියෙන්නේ.
මේකෙන් අපිට ඕනේ විදියට screen එක on/off කරන්න. apps launch කරන්න. camera button එකක් හැටියට use කරන්න. තව වැඩ ගොඩාක් කරන්න පුලුවන්.
(මං පහල ෆොටෝස් දාල තියෙන්නේ මං use කරන iKey app එකේ ඒවා. ඒ app එකේනම් 3.5 පොර්ට් එකට මොකක් හරි plug කරපු ගමන්ම ඔය screenshot එකේ වගේ අහනවා headset එකක්ද, නැත්තන් මේ button එකද plug කලේ කියලා. එතකොට එතනින් තෝරලා දෙන්නයි තියෙන්නේ.






මං නම් මේකට assign කරලා තියෙන්නේ,
එකපාරක් press කලාම screen එක on/off වෙන්න,
දෙපාරක් press කලාම running apps clean වෙන්න,
ඔබාගෙනම හිටියම sound record වෙන්න)
මං මේක ටෙස්ට් කලේ android සහ windows mobiles වල විතරයි. එකෙනුත් මේක වැඩ කලේ android එකේ විතරයි. මොකද windows වලට මේ වගේ apps නෑ. මේක plug කලාම windows ෆෝන් මේක headset එකක් විදියටයි ගන්නේ.

ඇත්තම කියනවා නම් මම මේ පොස්ට් එක facebook එකෙන් copy කරගත්ත එකක්. වටිනවා කියලා හිතුන නිසයි හැමෝටම කියවන්න කියලා පොස්ට් කරේ.

මේක originally ලියුවේ Gevindu Aloka.

ප්‍රශ්න තියෙනවනම් අහන්න.

1 comment: